News Line| Off Air
Generic placeholder image

Dec
10

වයිකා ගිනි කන්ද පුපුරා යෑමෙන් 05ක් මියයයි – 08 ක් තවමත් අතුරුදන්

619 Views


වයිකා ගිනි කන්ද පුපුරා යෑමෙන් 05ක්  මියයයි – 08 ක්  තවමත් අතුරුදන්

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්, ගිනි කන්ද පසු ගිය සදුදා දහවල් විදාරණය වුණා. ඒ අවස්ථාවේ දී සංචාරකයින් 47 පිරිසක් එහි රැදී සිට ඇති බව වාර්තා වෙනවා.

එයින් 05 දෙනෙකු මියොගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙනවා. පුද්ගලයන් තිස් හතර දෙනෙකු දිවි ගලවා ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පුපුරා යාමෙන් තුවාල ලැබූවන් අතර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය, මැලේසියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල ජනතාව ද සිටින බව එරට පොලිසිය පවසනවා.
ගලවා ගැනීමේ මෙහෙයුම් තුලින් තවදුරටත් සංචාරකයින් එහි සිටීද යන්න පිලිබදව අවධනය යොමු කලද මේ වන විට ගිනි කන්දට ඉහළින් දුම හා අළු ගලා
එම සිදුවන හෙයින් එම මෙහෙයුම් ඉතා අනතුරු දායක බැවින් එය නවතා ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post