News Line| Off Air
Generic placeholder image

Dec
10

බොක්සිං ඉසව්ව ශ්‍රී ලංකාවේ සාග් ඉතිහාසය අලුත් කරයි

1115 Views


බොක්සිං ඉසව්ව ශ්‍රී ලංකාවේ සාග් ඉතිහාසය අලුත් කරයි

වසර 15කට පසු බොක්සිං ඉසව්වෙන් සාග් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත් වුණා.

කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වට එක් වූ රුමේෂ් සදකැළුම් එම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුණා.

මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේදි ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුළු පදක්කම් 11 ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවද මෙය වනවා.

මේ අතර අද පැවති කඩු හරඹ ඉසව්වෙන්ද ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තා. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංගසාලා ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post