News Line| Off Air
Generic placeholder image

Dec
10

මගීන් 38 ක් සමග හමුදා ගුවන් යානාවක් අතුරුදන්

1642 Views


මගීන් 38 ක් සමග හමුදා ගුවන් යානාවක් අතුරුදන්

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වනවා.

ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බව බලධාරීන් විශ්වාසය පළකරනවා.

මෙය චිලී රාජ්‍යයට අයත් හමුදා ගුවන්යානාවක් බව විදෙස් පුවත් වාර්තා කළා.

යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන්.

අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් සිට ඇති අතර පියාසැරිය ආරම්භ කිරීමෙන් පැයකට පමණ පසු පාලක මැදිරිය හා යානාව අතර පැවැති සබඳතාව ගිලිහී ගිය බව චිලී වාර්තා වැඩිදුරටත් පවසනවා.

අතුරුදන්වූවන්ගෙන් 21දෙනෙක් මගීන් වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවේ සේවය සඳහා යමින් සිටි පිරිසක් වන බවත් ඉතිරි 17දෙනා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් සඳහන්.

අතුරුදන්වූවන් හා යානාව සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post