News Line| Off Air
Generic placeholder image

Dec
10

කැලෑවේ දමාගිය සිගිත්තියගේ අයිතිය වෙනුවෙන් 800 කට වැඩි පිරිසක්

2083 Views


කැලෑවේ දමාගිය සිගිත්තියගේ අයිතිය වෙනුවෙන් 800 කට වැඩි පිරිසක්

පුත්තලම කුරූණැගල මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයා ගත් මේ වන විට පුත්තලම මුලික රෝහලේ නොමේරු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින සිඟිත්තියගේ අයිතිය ලබා ගැනිමට 800 වැඩි පිරිසක් පුත්තලම මුලික රෝහලින් විමසා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 6 වන දින අලුත උපන් බිලිදියක් සහල් බැගයක දමා පුත්තලම කුරුණෑගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂීතයේ දමා ගොස් සිටියදි මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ශරිර අවශ්‍යතාවයක් සඳහා යතුරු පැදිය නවතා කැලෑව තුලට ගමන් කරද්දි හමුවි ඇති බව සදහන්.

මේ බව පුත්තලම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ මෙම බිලිදිය රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියෙන් පසුව සිඟිත්තිය ගැන මාධ්‍ය මගින් හෙළිදරව් කිරිමත් සමඟ රට පුරා දරුවන් අහිමි පිරිස් මෙම සිගිත්තිය පිළිබදව පුත්තලම මුලික රෝහලින් විමසිම් කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම සිගිත්තිය මේ වන විට ඉතාමත් නිරෝගිව රෝහලේ නොමේරු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බව මේ පිළිබඳව කළ විමසිමේදි පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post