News Line| Off Air
Generic placeholder image

Dec
11

ජීවිත උදුරා ගැනීමට කිසිදු බලවේගයකට ඉඩනොදිය යුතුයි – කාදිනල් හිමිපාණන්

617 Views


ජීවිත උදුරා ගැනීමට කිසිදු බලවේගයකට ඉඩනොදිය යුතුයි – කාදිනල් හිමිපාණන්

මෙවර වාර්ෂික යුදහමුදා නත්තල් කැරොල් උත්සවයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මනුෂ්‍ය ජීවිතයක් උදුරාගැනීමට හෝ මනුෂ්‍ය වර්ගයා පාගාදැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ සියලුදෙනාට අභිමානවත් ජීවිතයක් ගතකිරීමට ත්‍රිවිධ හමුදාව දක්වන මෙහෙය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි.

“මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කිරීමට කැපවෙනවා. වැරදි කරන්නන්ගෙන් හොඳ අයව ආරක්ෂා කරන්න. ජීවිත පූජාවෙන් ජීවිත ආරක්ෂා කිරීමේ අරගලයක්. ඔබට ස්තූතිවන්ත වෙනවා.

සෑම මනුෂ්‍යයකුටම ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වන්නට. ත්‍රිවිධ හමුදාවන්ට ස්තූතිවන්ත වෙනවා . පාස්කු ඉරිදා බොහෝ පිරිසකගේ ජීවිත නැතිවුණා. නොමඟ ගිය පිරිසකගේ හිතුවක්කාර වැඩක් නිසා.

ජීවිත ආරක්ෂා කරන්න කැපවෙන්න ඕනේ. ඕනෑම පරිත්‍යාගයක් කරන්න සූදානම්වෙන්න ඕනේ. ජීවිත උදුරා ගැනීමට කිසිදු බලවේගයකට ඉඩනොදිය යුතුයි“

ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුනු ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් ගීත ගායනයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් අදහස් දැක්වුවා.


News Articles
Latest Videos
Most Popular Post