News Line| Off Air
Generic placeholder image

Dec
11

අලි මරණ ඉහළට

681 Views


අලි මරණ ඉහළට

මේ වසර තුළ වන අලි මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරී හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය සදහන් කළේ ගත වු මාස 11 ක කාලය තුළ විවිධ සිද්ධීන් හේතුවෙන් වන අලි මරණ 350ක් වාර්තා වී ඇති බවයි.අලි මිනිස් ගැටුම්, ස්වභාවික මරණ, විෂ ශරීරගතවීම් සහ දුම්රිය අනතුරු හේතුවෙන් මෙම මරණ වාර්තා වෙයි. පසුගිය වසරේ වන අලි මරණ 319ක් වාර්තා වී ඇති අතර වන අලි පහරදීම් හේතුවෙන් මේ වසර තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද ඉහල ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරීනිය සඳහන් කළේය.
පසුගිය වසරේ පුද්ගලයින් 92 දෙනෙකු වනඅලි ප්‍රහාරවලට ලක්ව මියගොස් තිබූ අතර මෙම වසරේ එම මරණ සංඛ්‍යාව 103 ක් ලෙස වාර්තා වන බවයි හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post