උදුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි.
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශී‍්‍ර මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණියේ අද වන පුන් පොහෝ දිනකයි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග තනතුරු දැරූ තෙරුණ් වහන්සේලාගෙන් කෙනෙක් වන මුගලන් තෙරුණ් වහන්සේ පිරිනිවන් පෑමද සිදුව තිබෙන්නේ අද වන් උදුවප් පුර පසළොස්වක පොහෝ දිනකයි.
එමෙන්ම ලක් වාසී සියළු බෞද්ධ බැතිමතුන් සිරිපා වන්දනාව ආරම්භ කරන්නේද උදුවප්පුර පසළොස්වක පොහොය දිනකයි.
වසරේ අන්තිම පොහොය ලෙසද බෞද්ධ බැතිමතුන් සැමට මෙම පොහොය දිනය වැදගත් වනවා.
මෙවන් වැදගත්කම් සහිත උදුවප්පුර පසළොස්වක පොහොය දිනයේ බෞද්ධ ඔබ සැමට පින් රැස්කර ගැනීමට වාසනාව උදා වේවා.