අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත් අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි.
ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ පොදු දේපොළවලට අලාභහානි සිදු කිරීම සම්පුර්ණයෙන් තහනම් වන බව ද ඔහු පැවසුවා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 26 වැනි දා ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදියර දෙකක් යටතේ එය ක්‍රියාත්මක බවයි. ඒ අනුව පළමු අදියර ලබන 26 වැනි දා සිට ජනවාරි 4 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.