කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කළා.
උත්සව සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකර තිබෙනවා.
මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල වෙළෙඳුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කළ බව සදහන්.
වෙළඳසැල් සහ ආපනශාලා 80ක් පමණ මෙලෙස පරික්ෂාවට ලක්කර ඇති අතර මේ සඳහා සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියදෙනෙක් පමණ එක්ව තිබෙනවා.