News Line| Off Air
Generic placeholder image

Dec
13

විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපතිගේ අවධානයට

597 Views


විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපතිගේ අවධානයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද මෙහිදී අවධානය යොමු කල අතර විදුලිබල ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළා.

එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලිබල ක්ෂේත්‍රයට අදාළව සිදුකර ඇති යෝජනා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යෝජනා සදහා අමාත්‍යාංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාව පළ කල අතර විදුලිබල අවශ්‍යතාව සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කලා.

මෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ඒවා නොව පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් එකගතාවන් බවයි. එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිසි අධ්‍යයනයන් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post