News Line| Off Air
Generic placeholder image

Dec
13

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා

640 Views


ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය සඳහා අද (13) තරග ආරම්භය මේ වන තෙක් ප්‍රමාද වී තිබේ. ඒ පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන්.

ඊයේ (12) දිනය සඳහා තරඟය නතර කරන විට පළමු පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් රැස් කර ගෙන සිටියා.

අද තරගයේ තුන්වන දිනය වු නමුත් පාකිස්තානයට ඊයේ දිනයේ සිට ඇඳ හැළුණු වර්ෂාව හේතුවෙන් අද තරග ආරම්භය ප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව දිවා ආහාරයෙන් පසු නැවතත් තණතීරුව සහ පිටිය විනිසුරුවරුන් විසින් පරීක්ෂා කිරීමට නියමිත බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post