News Line| Off Air
Generic placeholder image

Dec
14

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

683 Views


ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

ගෙවීගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා.

වසරේ මේ දක්වා කාලය තුළ 90,000කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අතර ඉන් 100 දෙනෙකු පමණ මරණයට පත්ව තිබෙනවා.

වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිරල දකුණ, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලින්.

පසුගිය වසරේ දී ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වුණා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post