අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘වෙයාර් ඉස්’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.
2019 වසරේ ගූගල් සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.
එහි ශ්‍රී ලංකාව වඩාත් සෙවූ ස්ථානය බවට පත්ව ඇත්තේ ඇමරිකානුවන් අතර ප්‍රකට වසරේ සුපර්බෝල් ක්‍රීඩාංගණය හෝ පිටසක්වල ජීවින් රදවා ඇති බව කියන ඒරියා ෆිෆ්ටි වන් ද අභිබවමින්.
ඇමරිකානු අන්තර්ජාල සෙවුම්වලින් සියයට 90ක්ම ගූගල් ගිණුම් භාවිත කරන අතර ඇමරිකානුවන් අතුරින් සියයට 87ක් අන්තර්ජාලය භාවිත කරනවා.
ඒ අනුව 2019 වසරේදී ඇමරිකානුවන් වැඩිම පිරිසක් ‘වෙයා ඉස්’ නැත්නම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාව බව සදහන්.