News Line| Off Air
Generic placeholder image

Dec
15

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු තරුණයන් 15ක් පොලිස් දැලේ

3207 Views


මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු තරුණයන් 15ක් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනා චාරිකාවේ නිරතවූ තරුණයන් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වුණා.

ඔවුන් සතුව කේරළ ගංජා, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බව පොලීසිය ප්‍රකාශ කළ අතර මෙම සැකකරුවන් ගාල්ල, මාතර, කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post