News Line| Off Air
Generic placeholder image

Dec
16

දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරන්න – කාදිනල් හිමිපාණන්

537 Views


දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරන්න – කාදිනල් හිමිපාණන්

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව ආවේ මරියා ශ්‍රවනාගාරයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වුණා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ මනුෂ්‍ය සමාජයේ ඇති වටිනාම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්,පාස්කු ප්‍රහාරයෙන් අසරණභාවයට පත්වූ දරුවන් වෙනුවෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය. මෙහිදී තවත් අදහස් දැක්වු කාදිනල් හිමියන් පවසා සිටියේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිසාට යටපත් කළ නොහැකි බවයි. මිනිසුන් කොතෙක් උත්සහ කලත් ඒ දේ කළ නොහැකි බව පැවසු කාදිනල් හිමියන්, අලුත උපන් දරුවෙකුගේ ඇස් දිහා හොඳින් බලා සිටියහොත් ඒ ඇස් දෙක ඇතුලේ දෙවියන්ගේ මුහුණ පෙනෙන බවද පැවසීය. මනුෂ්‍ය සමාජයේ ඇති ලොකුම සම්පත අපේ දරුවන් බවද පැවසු කාදිනල් හිමියන්, ඒ නිසා සියලු දරුවන් ආරක්ෂා කළ යුතු බවත් කියා සිටියේය. අද සමාජයේ දරුවන්ගේ ජීවිත නැති කිරීමට බොහෝ දේ සිදුවන බවත් පැවසු කාදිනල් හිමියන් අද වන විට දරුවන් එපා කියන සමාජයක් බිහිවෙමින් එන බවද පැවසීය


News Articles
Latest Videos
Most Popular Post