අද(16) දිනයේ ස්විට්සර්ලන්ත තානාපති කර්යාල නිලධාරීනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට දැනුම් දී තිබේ. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමති මෙම කාන්තාව පසුගිය ඉරිදා දිනයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියෝය. ඒ ඇය පැහැර ගැනීමට ලක්වු බවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළවයි. අවස්ථා කිහිපයකදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අවසන් වරට පසුගිය සෙනසුරදා දිනයේ මෙම නිලධාරීනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙනු ලැබුවේය. මෙම කාන්තාවට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද ලබා දී ඇති අතර ඒ අනුව ඊට අදාළ නඩු විභාගය හෙට දිනයේ කැඳවීමට නියමිතයි. මීට පෙර පසුගිය 12වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබු අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාල කාන්තාව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කාන්තාවගෙන් මේ වනතෙක් සම්පුර්ණයෙන්ම ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.