2020 වසරේ ඔලිම්පික් උළෙල පවත්වන ක්‍රීඩාංගණය ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) විවෘත කෙරුනා. ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ජපානයේදීයි.
2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උලෙල ජුලි 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 යි දශම 44ක මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගණයක් ජපානයේ ඉදිකිරීමට එරට රජය මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළේය. ක්‍රීඩාලෝලීන් 68000කට ආසන්න ප්‍රමාණයකට මෙම ක්‍රීඩාංගණයේ අසුන් ගැනීමට හැකියාව පවතින බව වාර්තා කර තිබෙනවා. මෙම ක්‍රීඩාංගණය ඊයේ දිනයේදී අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට එක්ව සිටියේ නිළධාරීන් කිහිපදෙනෙක් පමණයි. එම නිසා මහජනතාවගේද සහභාගීත්වයෙන් තවත් සමාරම්භක උත්සවයක් දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.