උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සදහන් කළා.
ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිතයි.
පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ කොටුවට පැමිණීමට නියමිත බව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළා.
මහනුවරට ගමන් ගන්නා දුම්රිය නතර කරනු ලබන්නේ ගම්පහ සහ පේරාදෙණිය දුම්රිය ස්ථානවල පමණයි.
නැවත කොටුව බලා පැමිණෙන මෙම දුම්රිය පේරාදෙණිය, ගම්පහ සහ මරදාන යන දුම්රිය ස්ථානවල නතර කරන අතර එම දුම්රිය සදහා ආසන වෙන් කිරීම අද පස්වරුවේ සිට ආරම්භ කෙරෙනවා.
එමෙන්ම 20,21 සහ 22 යන දිනවල කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.