හෙට(17) දිනයේ පැය 24 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතිත ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. පෑලියගොඩ ,වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසක, ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා(18) පෙරවරු 08.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. සපුගස්කන්ද විදුලි බල මණ්ඩලයේ අළුත්වැඩියා හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
මේ අතර විදුලි බල මණ්ඩලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජලපවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකටද හෙට පැය 11 කට අධික කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.