News Line| Off Air
Generic placeholder image

Dec
17

ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

645 Views


ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයෙත් හෙට දිනයේත් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මාබෝල, ජා-ඇල, කටුනායක, සීදුව, පෑලියගොඩ, වත්තල, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, වාද්දුව, වස්කඩුව, කළුවාමෝදර යන ප්‍රදේශ වලට මෙලෙස අද පෙරවරු 8 සිට පස්වරු 7.30 දක්වා ජල සැපයුම අත් හිටවනු ඇති.

එමෙන්ම මහනුවර ප්‍රදේශ කිහිපයකට ද අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මන්ඩලය සදහන් කරනවා. ඒ අනුව කඩුගන්නාව, පිළිමතලාව, අගුනාවල, ගන්නෝරුව, පේරාදෙණිය, කෙහෙල්වල, උඩපේරාදෙණිය, මහකන්ද, කිරිබත්කුඹුරු, ඊරියගම, බලන, පොත්තපිටිය, බෝවලවත්ත, ඔගස්ටාවත්ත, මුරුතලාව, වතුරකුඹුර, පානබොක්ක අතුළු ප්‍රදේශවලට අදාල කල සිමාව තුල ජල සැපයුම අත්හිටුවනු බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post