News Line| Off Air
Generic placeholder image

Dec
17

නගර අලංකරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරිමට දැරූ උත්සහයක්

486 Views


නගර අලංකරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරිමට දැරූ උත්සහයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබෙනවා.

සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ කළු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ පාසලක නමක් නමක් ඇද තිබෙන බවයි නොර්වුඩ් ප්‍රදේශයේ තරුණ තරුණියන් කියා සිටින්නේ.

බිතු සිතුවම් නිර්මාණය කිරිම සඳහා සුදානම් කර තිබු එම ආරක්ෂිත බැම්ම තවත් පිරිසකට චිත්‍ර නිර්මාණය කිරිම සඳහා වෙන් කර ගැනිමට හෝ එම ආරක්ෂිත පැති බැම්මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබු බිතු සිතුවම් ඇදිම කඩාකප්පල් කිරිමට දැරූ උත්සහයක් බව නොර්වුඩ් ප්‍රදේශාවාසින් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post