News Line| Off Air
Generic placeholder image

Dec
17

අධික හිමපතනය හේතුවෙන් උතුරු ඉන්දියාවේ වායු ගුණාත්මකභාවයත් ඉහල යයි

666 Views


අධික හිමපතනය හේතුවෙන් උතුරු ඉන්දියාවේ වායු ගුණාත්මකභාවයත් ඉහල යයි

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ. ඒ සමඟ උෂ්ණත්වයද දැඩි ලෙස පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කළ අතර උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් වැසීගොස් ඇති හිමාල කඳුකරයේ පිහිටි හිමාචල් ප්‍රාන්තයටත් අධික හිමපතනයක් ලැබෙමින් ඇති බව සඳහන්.

හිමෙන් වැසීගිය මහාමාර්ගවල හිම ඉවත් කිරීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

හිමපතනයත් සමඟ නගර රැසකම දක්නට ලැබෙන්නේ සුළං හා අධික වැසි සහිත කාලගුණයක්. නවදිල්ලි අගනුවරටත් සුළං සමග මහ වැසි ඇදහැලෙමින් තිබෙනවා. වර්ෂාව ආරම්භවීමත් සමග නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළගොස් ඇති බවයි කාලගුණ බලධාරීන් පවසනවා. එහෙත් උෂ්ණත්වය දැඩි ලෙස පහළ බැසීම නිසා ජනතාවට අපහසුතා මතුවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post