උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිත අතර පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව තිබෙනවා.
මහනුවරට ගමන් ගන්නා දුම්රිය නතර කරනු ලබන්නේ ගම්පහ සහ පේරාදෙණිය දුම්රිය ස්ථානවල පමණයි.
එමෙන්ම 20, 21 සහ 22 යන දිනවල කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.