රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරා මාරු කර පලායාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සදහන් කළා.
ඒ හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුවයි.