එළඹෙන 26 වනදා විරල සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
වලයාකාර සුර්යග්‍රහණයක් වන මෙවැනි සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන්නේ වසර 63 කට පසුව බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. කෙසේවෙතත් මෙම සූර්යග්‍රහණය පියවි ඇසින් නැරඹීම අනතුරුදායක බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ චින්තන විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.