News Line| Off Air
Generic placeholder image

Dec
18

වැස්ස වැඩි වෙයි

1036 Views


වැස්ස වැඩි වෙයි

දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර සහ බස්නාහිර සහ උතුරු-මැද, ඌව පළාත් වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.

එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 – 50 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post