News Line| Off Air
Generic placeholder image

Dec
18

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

522 Views


හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 720.2 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකකට වරදකරු වූ පාකිස්ථාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකුට වන අතර, ඔහු 2017 වසරේ ඔක්තෝම්බර් 27 වනදා හෙරොයින් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් අතර පසුව සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකළා.


News Articles
Latest Videos
Most Popular Post