News Line| Off Air
Generic placeholder image

Dec
19

එළවළු මිල ඉහළට

677 Views


එළවළු මිල ඉහළට

වෙළෙඳපොළේ පවතින එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළයාම එළැඹෙන ජනවාරි මාසය දක්වා පවතිනු ඇතැයි තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මාසයේ අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ අස්වනු විනාශය වෙළෙඳපොළේ එළවළු හිඟයක් නිර්මාණයට හේතු වූ බවයි.

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් වල ශීඝ්‍ර වැඩිවීමක් පවතින බවට පාරිභෝගික ජනතාව දින කිහිපයක සිටම මෙලෙස මැසිවිලි නගයි. කොළඹ පිටකොටුව මීගොඩ , දඹුල්ල , නුවරඑළිය , වැලිමඩ , මාතර ආදී ප්‍රදේශ රැසක ප්‍රධාන තොග මධ්‍යස්ථාන වල පවා එළවළු මිල මේ වන විට පවතින්නේ ඉහළ මට්ටමකයි.

ඒ අනුව මීට සති තුනකට පෙර රුපියල් 220 ත් 230 අතර පැවති කැරට් කිලෝ එකක තොගමිල මේ වන විට රුපියල් 250 ත් 260 ත් අතර මිලකත්, රුපියල් 75 ත් 85 ත් අතර පැවති බෝංචි කිලෝ එකක තොග මිල රුපියල් 210 ත් 220 ත් අතර මිලකත්, රුපියල් 60 ත් 70 ත් අතර පැවති ගෝවා කිලෝ එකක තොග මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකත් මේ වන විට පවතිනවා.

රුපියල් 120 ත් 140 ත් අතර පැවති ලොකුළූණු කිලෝ එකක තොග මිල රුපියල් 130 ත් 150 ත් අතර මිලක මේ වන විට පවතින අතර රුපියල් 160 ත් 170 ත් අතර පැවති අර්තාපල් අල කිලෝ එකක් මේ වන විට තොග වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 180 ත් 190 ත් අතර මිලකටයි.

තොග වෙළෙඳ පෙළේ මිල ගණන්වල එවන් වෙනසක් පවතිද්දී සිල්ලර වෙළෙඳපොළේ එම එළවළු වල මිල ගණන් ගෙවුණු සති කිහිපය තුළ ඉහළ ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

සති තුනකට පෙර රුපියල් 200 ත් 220 ත් අතර පැවති කැරට් කිලෝ එකක සිල්ලර මිල මේ වන විට රුපියල් 390 ත් 410 ත් අතර මිලකත් , රුපියල් 200 ත් 240 ත් අතර පැවති බෝංචි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 390 ත් 410 ත් අතර මිලකත් , රුපියල් 150 ත් 170 ත් අතර පැවති ගෝවා කිලෝ එකක සිල්ලර මිල රුපියල් 230 ත් 250 ත් අතර මිලකත් මේ වන විට පවතියි.

සති තුනකට පෙර රුපියල් 180 ත් 200 ත් අතර පැවති අර්තාපල් අල කිලෝ එකක් මේ වන විට සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 240 ත් 280 ත් අතර මිලකටයි.

එසේම මීට සතියකට පෙර රුපියල් 140 ක්ව පැවති ලොකුළූණු කිලෝ එකක සිල්ලර මිල අද වන විට නැවතත් රුපියල් 240 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ රජයේ අවදානය මේ වන විට්ත යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post