දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ උතුරු – මැද පළාත්වලත් වයඹ, මධ්‍යම පළාත් වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.