අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාවේ පැවති නත්තල් සාදයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් රැසක් ඊට එක්වී සිටි අතර අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී මෙම නත්තල් සාදය පවත්වා ඇති බව සදහන්.
මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.
කෙසේ නමුත් අමෙරිකාවේ වෙසෙන සංක්‍රමණික ජනතාවට සාදය පැවැත්වෙන දේශ සීමාව වෙත ලඟාවීමට අමෙරිකානු බලධාරීන් අවසර ලබාදී තිබුණා.
සාදයට සහභාගිවූ ළමුන්ට කුඩා ත්‍යාගයක් පිරිනැමීමටත් සංවිධායකයන් පියවර ගෙන ඇති අතර ඊට එක්වූ පිරිස නත්තල් කැරොල් ගී ගයමින් ප්‍රීති වූ බව සදහන්.
ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන විට මෙක්සිකෝවේ රැඳී සිටිනවා.
මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීම ඔවුන්ගේ අරමුණයි.
එහෙත් මෙම සංක්‍රමණික ජනතාව භාර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය දැඩිව ප්‍රතික්ෂේප කරනවා.