News Line| Off Air
Generic placeholder image

Dec
20

ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යෑමේ අවධානමක්

627 Views


ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යෑමේ අවධානමක්

ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පවතින වැසි සහ ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වෙයි.

එවැනි පුද්ගලයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.


News Articles
Latest Videos
Most Popular Post