News Line| Off Air
Generic placeholder image

Dec
20

හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීමට යාම පිලිබද ඔස්ට්‍රේලියානු අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

731 Views


හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීමට යාම පිලිබද ඔස්ට්‍රේලියානු අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ හදිසි ලැව් ගිනි තත්ත්වයක් හටගෙන තිබියදී තම පවුලේ සාමාජිකයින් සමඟ හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීම යාම පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අදාළ කාලය තුළ තමාට හදිසි තත්ත්වයන් පිළිබඳ සියලු වාර්තා ලැබුණු බවද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තා සදහන් කළා.

පසුගිය දෙදින තුළ ඔස්ට්‍රේලියාවේ වාර්තාගත උෂ්ණත්වයක්ද සටහන්ව තිබු අතර විශාල පිරිසක් පීඩාවට පත්ව සිටි බව සදහන්.

එවැනි තත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයා රටේ නොසිටීම පිළිබඳ දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වී ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවද විරෝධතාකරුවන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post