News Line| Off Air
Generic placeholder image

Dec
20

පළාත් කිහිපයකට මි.මී. 100-150 පමණ තද වැසි

649 Views


පළාත් කිහිපයකට මි.මී. 100-150 පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වය තරමක් වැඩි වන අතර
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතීයැයි අපේක්ෂා කෙරෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post