හොන්ඩුරාස් රාජ්‍යයේ බන්ධනාගාරයක සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රැඳවියන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
රැදවියන් අතර මෙම ගැටුම් හටගෙන ඇති අතර එහිදි තවත් රැඳවියන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ හේතුවෙන් අදාළ බන්ධනාගාරයේ ආරක්ෂක කණ්ඩායම් මාරු කර ඇති අතර බන්ධනාගාර පද්ධතිය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.