දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනාන්ත දෙකකට අදාළ බස් ගාස්තු අනිද්දා (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මාතර සිට මීගමුව දක්වා සහ ගාල්ල සිට මීගමුව දක්වා ධාවනය වන බස් රථවල ගාස්තු අඩුකර ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළා.
මීගමුව සිට මාතර දක්වා රුපියල් 720ක් වු දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 700ක් දක්වා අඩුකර තිබෙනවා.
එමෙන්ම මීගමුව සිට ගාල්ල දක්වා වු අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට රුපියල් 600 දක්වා සංශෝධන කර ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.