මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති බැවින් අඹන්ගඟ අවට ජනතාව සහ ඇලහැර, බකමූණ, දියබෙදුම, අතරගල්ලෑව, කිරිඔය යන ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම, අයහපත් කාලගුණයත් සමඟ වාකරේ – පනිච්චන්කේර්නි ප්‍රදේශයේ ගංවතුරට සිර වී සිටි පුද්ගලයින් විසිතුන් දෙනෙකු අතරින් මේ වනවිට තුන් දෙනෙකු හෙලිකොප්ටර් යානයක් යොදවා මුදා ගැනීමට කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
එමෙන්ම කලාඔය පිහිටි ජලාශවල වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් රාජාංගනය ජලාශයට පහළ කොටසේ නීලබැම්ම – එළුවන්කුලම ගංවතුර අවදානම් කලාපයේ පදිංචි ජනතාවට ඉවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.