News Line| Off Air
Generic placeholder image

Dec
21

පාකිස්ථානුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක්

636 Views


පාකිස්ථානුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 268 ක් රැස්කරගත්තා.

මෙහිදී පාකිස්ථානු ආරම්භක පිතිකරුවන් යුගළ වන ශාන් මසූඞ් සහ අබිඞ් අලී ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 191ක් පමණයි. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමේදී ලකුණු 271ක් රැස් කළා.

ඒ අනුව පාකිස්තානු කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 188 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post