News Line| Off Air
Generic placeholder image

Dec
21

පළාත් කිහිපයක වැසි තත්තවය හෙට සිට තවත් වැඩිවෙයි

572 Views


පළාත් කිහිපයක වැසි තත්තවය හෙට සිට තවත් වැඩිවෙයි

උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත තත්ත්වය හෙට (22) දිනයේ සිට යළිත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව,මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 සහ 150 අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ත් 100ත් අතර තද වැස ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

පවතින වැසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල නාය යෑම් ඇතිවිය හැකි අතර පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post