News Line| Off Air
Generic placeholder image

Dec
21

ප්‍රධාන ජලාශ 75 ජල ධාරිතාව සියයට 82 දක්වා වැඩිවෙයි

762 Views


ප්‍රධාන ජලාශ 75 ජල ධාරිතාව සියයට 82 දක්වා වැඩිවෙයි

අධික වර්ෂාව නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 75 ජල ධාරිතාව සියයට 82 දක්වා වැඩි වී තිබෙනවා.

මේ වන විට ජලාශ 42ක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.

කලාඔය පිහිටි ජලාශවල වාන් දොරටු විවෘත කිරීම නිසා රාජාංගන ජලාශයට පහළ කොටසේ නිල බැම්ම ගං වතුර අවදානම් කලාපයේ පදිංචි ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එසේම පවතින වර්ෂාව සමඟ කිරිඳිඔයේ, දැදුරුඔයේ හා මැණික් ගඟේ පිහිටි ජලාශවල වාන් දොරටු විවෘත කිරීම තවදුරටත් වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය අඩි 04 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් එහි වාහන ගමනා ගමනය නවතා දමා ඇති බව පොළොන්නරුව පොලිසිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post