News Line| Off Air
Generic placeholder image

Dec
21

කොටුව – මරදාන සහ දෙමටගොඩ අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වෙයි

674 Views


කොටුව – මරදාන සහ දෙමටගොඩ අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වෙයි

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඊයේ රාත්‍රියේ මෙම එන්ජිම පීලිගත කර හානි වූ දුම්රිය මාර්ගයද පිළිසකර කෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩී.ආර්. පද්මලාල් කියා සිටියා.

ඒ අනුව මේ වන විට කොටුව – මරදාන, දෙමටගොඩ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු පැවසුවා.

පෙරේදා (19) පස්වරු 3.30ට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම මෙලෙස පීලි පැනීමකට ලක්වූයේ දුම්රිය අංගනයේ සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබියදීයි.


News Articles
Latest Videos
Most Popular Post