දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි අපේක්ෂා කරන බවත් ඇතැම් දිස්ත්‍රික්ක වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.