දිවයිනේ අදත් ප්‍රදේශ ගණනාවක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. දිවයිනේ උතුරු,නැගෙනහිර, උතුරු-මැද,ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන එමෙන්ම බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ පැ.කි.මී.40 දක්වා වැඩි විය හැකි බව වාර්තා වෙනවා.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.