ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා අගනුවරට මේ වන විට ලැව්ගිනි සමීප වෙමින් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පවතින ලැව්ගිනි වලින් දුමාරය කැන්බරා අගනුවරට බොහෝ බලපෑම් එල්ල කර ඇති බවයි.
මේ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට වීනාශයට පත්ව ඇති නිවාස ගණන 700 ක් පමණ වන අතර ගින්නට හසුව පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර හෙක්ටයාර හාරලක්ෂ 60,000 ක් පමණ භුමි ප්‍රමාණයක් මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී අවසන් බව විදෙස් වාර්තා සදහන් කරනවා.