දක්ෂිණ අධිවේගයේ මීගමුව – ගාල්ල සහ මීගමුව – මාතර අතර බස් ගාස්තු පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ බස් ගාස්තුව රුපියල් 700 ක් වන අතර මීගමුව සිට ගාල්ල දක්වා වූ දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට 600 දක්වා මෙලෙස අඩු කර තිබෙනවා.