අන්දොලාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පිලිබදව තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද දිනයේදි විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අධිකරණය හමුවට පැමිණ තිබෙනවා.
ඒ මහතා ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.