ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170ක පමණ මුදලක් වෙන් කර අදාළ අංශ වෙත යොමු කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ලංකාව පුරා ඇති ආපදා තත්ත්වය පිළිබඳව රජය විසින් විශේෂ අවධානය යොමුව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ආපදා තත්ත්වය ඇති ප්‍රදේශවලට ගමන් කර ඇති බවත් අමත්‍යවරයා පවසනවා.
එමෙන් මෙම ආපදා තත්ත්වය පිළිබඳව රජයක් වශයෙන් කළ හැකි උපරිම දේ සිදු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.