නයිජීරියාවේ බොහෝ නිස්කලංක නගරයක් වන ඉග්බෝ ඕරා (Igbo-Ora) ධනවත් නගරයක් නොවේ. බොහෝ පවුල් ඔවුන්ගේ ගොවිතැන මත යැපෙන අතර සම්පත් හිඟ වේ. එය ලොව වැඩිම නිවුන් දරුවන් (Twins) සංඛ්‍යාවකට උපත දෙන නගරයක්. එයට මූලික වන පාරිසරික තත්ත්වයන් හෝ ජීවමය තත්ත්වයන් පිළිබඳව ස්ථිරවම නොදනිමු. ඒවා තවමත් පරික්ෂණ හා නිරික්ෂණ පමණයි. එහෙත් එය සැබෑවක්. බටහිර අප්‍රිකාවේ නිවුන් දරු උපත් ප්‍රමාණය ලෝකයේ සෙසු සියලු මහාද්වීපික කලාපයන් හා සසඳන විට හතර ගුණයකින් වැඩියි.එයින් නයිජීරියාව අංක එක ස්ථානය දිනාගෙන සිටිනවා.එහි කේන්ද්‍රය නයිජීරියාවයි. නයිජීරියාවේ උපදින දරුවන් 1000කින් 158ක්ම නිවුන් දරුවන්. නයිජීරියාවෙත් ඉග්බෝ ඔරා නගරය මෙහිදී සුවිශේෂයි. අවම වශයෙන් නිවුන් දරුවන් සමූහයක් නොමැති කිසිදු නිවසක් මේ නගරයේ නැති තරම්.
“ලෝකයේ නිවුන් අගනුවර වෙත සාදරයෙන් පිළිගනිමු!” යනුවෙන් සටහන් බැනරයන් ඉග්බෝ ඕරාහි සෑම තැනකම දැකගත හැකියි. 1970දී බ්‍රිතාන්‍ය නාරිවේද විශේෂඥයකු වන පැට්‍රික් නයිලන්ඩර් (Patrick Nylander) විසින් කරන ලද (1970 – 1982) අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම නගරයේ සෑම උපත් 1000ක් අතුරින් නිවුන් දරුවන් 50ක් පමණ උපත ලබා ඇති බවයි.
මෑත වර්ෂවල නයිජීරියාවේ ජන හා සංඛ්‍යාලේඛන දත්ත පරීක්ෂා කළ විට පෙනී යන්නේ එක්කෝටි දසලක්ෂයක් ජනතාව අතරින් සියයට 25ක්ම නිවුන්නු බවයි.ඉග්බෝ සංස්කෘතියේ නිවුන් දරුවන් බහුලව දක්නට ලැබෙන අතර සාම්ප්‍රදායිකව ඔවුන් පළමු නිවුන් දරු උපතට හා දෙවැනි නිවුන් දරු උපතට නිශ්චිත නම් ලබා දෙයි.පළමු හෝ දෙවැනි උපත ලැබුවේද යන්න මත පදනම්ව ඔවුන් තායිවෝ හෝ කෙහින්ඩේ ලෙස හැඳින්වෙනවා. ලෝකයේ සෑම රටකම නිවුන් දරු උපත් සිදුවුවද ඉග්බෝ ඕරාහි නිවුන් දරුවෝ ඔවුන්ගෙන් වෙනස්. ඔවුන් ප්‍රචණ්ඩකාරී දරුවන් බව මානව විශේෂඥයෝ පවසනවා. ඉග්බෝ ඕරා ගම්බද ප්‍රජාව පරම්පරා ගණනාවක සිට මෙම නිවුන් දරු උපත් දෙවියන් වහන්සේගේ විශේෂ දීමනා ලෙස සලකනු ලබනවා. ගර්භනී කාන්තාවෝ ඒ සඳහා දෙවියන් යදිනවා. නිවුන් දරු උපතක් පවුලට මෙන්ම ගමටද ආශීර්වාදයක් ලෙස සැලකෙන අතර බොහෝ ගර්භණී කාන්තාවෝ නිවුන් දරු උපත් සඳහා ඉමහත් ආශාවක් දක්වන බව සදහන්.
ඉග්බෝ කාන්තාවන්ගේ සිරුර තුළ ජීවමය උපතකට හැකියාව දෙන රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක ඇති බව ලාගොස් විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහලේ සිදු කළ බහු උපත් පිළිබඳ පර්යේෂණ මඟින් පෙන්වාදෙනවා.
ඒ රසායනික ද්‍රව්‍ය ඔවුන් ආහාරයට ගන්නා එළවළු තුළ ගැබ්ව ඇතැයි ඔවුහු විශ්වාස කරනවා. ඉග්බෝ ජනතාවගේ ආහාරය සැකසෙන්නේ ප්‍රධාන වශයෙන් අමාලා නමැති පාරම්පරික සුප් වර්ගයෙන්. එය සකස් වන්නේ විවිධ කොළ, අල, මුල්, මල් සහ අගිඩ නමැති එළවළු වර්ගයෙන්. ඒ එක් මතයක්.
ලාගෝස්හි ප්‍රසව හා නාරිවේද එක්ජුජි ඔලරෙන්වාජු විශ්වාස කරන්නේ මෙම සංසිද්ධියට හේතු වෙනත් තැනක පවතින බවයි. ඔහුට අනුව පිළිගත හැකි එක් හේතුවක් වන්නේ එහි පාරම්පරික පැතිකඩයි. මන්ද ඔවුන් විවාහ වී වසර ගණනාවක් ගතවී ඇති හෙයින් ඔවුන් දැන් එම ජානය පාරම්පරිකව සංචිත කර සංකේන්ද්‍රණය කර ඇති නිසා මතු පරම්පරාවට එය අනිවාර්යයක් වී ඇති බවයි. ඉග්බෝරා ගැහැනුන් මීට දෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් උත්තරයක්.
‘‘අපි බණ්ඩක්කා කොළ ගොඩාක් කනවා.”


උපුටා ගැනීම – මුහුණු පොතෙන්