ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
බස් රථය මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් බාධකය බිඳ ප්‍රපාතයට පෙරළී ඇති බවත් එය නතර වී ඇත්තේ පහළ වූ ගංඟාවකින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අතුරුදන් වූ තවත් පුද්ගලයන් සිටිදැයි සෙවීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා සඳහන් කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ මෙවැනි මාර්ග අනතුරු බහුලව වාර්තා වන අතර, පසුගිය සැප්තැම්බරයේ බටහිර ජාවා ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගියා.