News Line| Off Air
Generic placeholder image

Dec
24

අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

732 Views


අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතයි.

ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටිනවා.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා.

දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සහභාගිත්වයෙන් පවත්වන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙනු ඇති.

ලෝ වාසී කිතුනුවන්ට අද මැදියම් රැයෙන් උදාවන නත්තල අසිරිමත් නත්තලක් වේවායි සියත 24 අපේ ප්‍රාර්ථනයයි.


News Articles
Latest Videos
Most Popular Post