News Line| Off Air
Generic placeholder image

Dec
24

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලින් පමණක් ගායනා කිරීමට තීරණය කරයි

969 Views


නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලින් පමණක් ගායනා කිරීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටද තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබුවා.

එසේම ජාතික නිදහස් දින උත්සවය සඳහා පෙරහුරු පැවැත්වීමේදී ජනතාවට පීඩාකාරී නොවන අයුරින් එවා පැවැත්වීමටද තීරණය කර තිබෙනවා. නිදහස් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පැල සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post